5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දැරියකට පාසලේදී අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයෙකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ගුරුවරයා විසින් සිය දියණියට දිගින් දිගටම පහරදී ඇති බව එම දැරියගේ මව කළ පැමිණිල්ලක් අනුව ඊයේ (11) පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ දැරිය මේ වනවිට තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.


