ප්‍රමාද වී ඇති විශ්‍රාම පාරිතෝෂිකය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලය පුරා ඇති වූ ප්‍රමාදයන් නිවැරදි කිරීමට කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ මෙම ගෙවීම් භාණ්ඩාගාර අනුමතිය ලබාගෙන කොටස් දෙකකින් සිදුකරන බවයි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


