31 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෝඨාභයගෙන් ප්‍රකාශ ගන්නැයි පොලීසියට නියෝග

ගෝඨාභයගෙන් ප්‍රකාශ ගන්නැයි පොලීසියට නියෝග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගන්නැයි අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

ඒ අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අටලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළවයි.

හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න සිදුකළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.