25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉකුත් වසරේ ළමා හිංසන පැමිණිලි 3000ක්

ඉකුත් වසරේ ළමා හිංසන පැමිණිලි 3000ක්

පසුගිය වසරේදී ළමයින් හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් පැමිණිලි 3373ක් තමන් වෙත වාර්තාවී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

ඉන් 598ක් වයස අවුරුදු 5ට අඩු දරුවන් හිංසනයට ලක් කිරීමේ සිද්ධීන් වීම විශේෂත්වයක් ගන්නා අතර එයින් 252ක් ගැහැණු දරුවන්ය.

හිංසනයට ලක්වූ දරුවන් අතරින් 1,342ක් පියා අතින්ද, 718 දෙනෙකු මව අතින්ද හිංසනයට ලක්ව ඇත. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතින් හිංසනයට ලක්වීමේ සිද්ධීන් සංඛ්‍යාව 98ක් වාර්තා වන අතර 2015 වසරේ සිට 2020 දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට ළමා හිංසන පිළිබඳ පැමිණිලි 16,395ක් වාර්තා වී තිබේ.