― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබීමත් රියදුරෙක් නිසා පියෙකුට සහ දියණියකට දිවි අහිමි වෙයි

බීමත් රියදුරෙක් නිසා පියෙකුට සහ දියණියකට දිවි අහිමි වෙයි

මීරිගම – පස්යාල මාර්ගයේ කොටකන්ද හංදිය ආසන්නයේදී ඊයේ (14) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පවත් ඇත්තේ 54 හැවිරිදි කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ඔහුගේ 14 හැවිදිරි දියණිය බවයි පොලිසිය සඳහන් කළේ.

මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පියා සහ දියණිය අනතුරට ලක්කර පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. දියණිය උපකාරක පංති නිමව පියා විසින් නිවසට කැඳවාගෙන එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුකර පලාගිය මෝටර් රථයේ රියදුරු පල්ලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඔහු බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පල්ලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.