― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිරිපිටි හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

කිරිපිටි හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ආනයන අපනයන පාලකවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරිපිටි බහාලුම් 15ක් නැවත වියට්නාමයට සහ ඉන්දුනීසියාවට පිටත් කර හැරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අද (15) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය මේ බව කියා සිටියා.

දිනකට පාරිභෝගිකයන් ලක්ෂ දෙකක් පමණ කිරිපිටි පරිභෝජනය කරන බවත් ඉන් 20%ක් දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි පරිභෝජනය කරන අතර ඉතිරි 80% පරිභෝජනය කරනු ලබන්නේ ආනයනික කිරිපිටි බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කිරිපිටි ආනයනය දින 37ත් 42කටත් පෙර සිදුකළ යුතු වන අතර මෙලෙස කිරිපිටි ආනයනය කිරීමට පෙර රාජ්‍ය ආයතන රැසකින් අවසර ගැනීම සිදුකළ යුතු වනවා.

එවැනි තත්ත්වයක් තුළ කිරිපිටි රැගත් නෞකාව මුහුදේ තිබියදී නීති රීති වෙනස් කිරීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගත් කිරිපිටි බහාලුම් ලබාගැනීමට ආනයන අපනයන පාලකවරියගේ අත්තනෝමතික ක්‍රියා නිසා නොහැකි වී ඇති බවයි එම සංගමය චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී කිරිපිටි හිඟයක්ද ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා. දිගින් දිගටම සිදුවන මෙවැනි අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් රජය මැදිහත් වී කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

කිරිපිටි බහාලුම් වරායේ දින ගණනක් එසේ තැබීම හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය සම්බධයෙන් ගැටළු රැසක් ඇතිවිය හැකි බව ඔවුන් පවසා සිටියා.