― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආර්ථික අර්බුදයෙන් බැටකන ජනතාවට පිහිටවීමට karuna.lk එළිදකී

ආර්ථික අර්බුදයෙන් බැටකන ජනතාවට පිහිටවීමට karuna.lk එළිදකී

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක ඩයලොග් පදනම හා එක්ව රාජ්‍ය නොවන සංවිධාන වල ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනයට නව තාක්ෂණය යොදා ගනිමින් karuna.lk ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත.

ඒ අනුව කොළඹ යුනියන් පෙදෙසේ පිහිට් ඩයලොග් ශ්‍රවණාගාරයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීම හා දිවයින පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බණ්දීකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සාර්ථකව පැවැත්විණි.

ඒ සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ අවදානම් හා අනුකූලතා පිළිබඳ සමුහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන(Group Chief – Resk Aand Compliance) මහතා, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙනුවෙන් අධ්‍යක්ෂක ජනරාල් සංජය විමලගුණරත්න මහතාද, අධ්‍යක්ෂිකා ලසදමාලා මුහන්දිරම්ගේ මහත්මියද සහභාගි වී සිටියේය.

එම අවස්ථාව ඇමතු ඩයලොග් ආයතනයේ අසංග ප්‍රියදර්ශන කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික හා සමාජ අභියෝගයන් හමුවේ උදව් උපකාර අවශ්‍ය ජනතාව සහ උදව් උපකාර කිරීමට කැමති පරිත්‍යාගශීලී පිරිස් ඒකරාශි කරන එකම ස්ථානයක් ලෙස අපට Karuna.lk වෙබ් අඩවි හඳුනන්නට පුළුවන්කම තියෙනවා වගේම Karuna.lk ප්‍රධාන අරමුණ වන්නේ ඉහළ අධීක්ෂණයකින්, විශ්වසනීයව හා ආරක්ෂාකාරී බවකින් යුතුව උපකාර අවශ්‍ය අය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම බවයි.

මෙම අවස්ථාව ඇමතූ සංජීව විමලගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය අංශ හරහා ක්‍රියාත්මක වැඩසටහන්වලට ශක්තියක් වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරන බවයි. ඒ හරහා කිසිවෙකුත් මගනොහැර සමාජ ආරක්ෂණ දැල එලීමේ අවශ්‍යතාවයද, ශ්‍රී ලංකාවේ දුප්පත්කම වසරක් තුළ දෙගුණයක් වී ඇති වටපිටාවක රජය මඟින් ක්‍රියාත්මක සමාජ සුබසාධන වැඩපිළිවෙළ සඳහා මේ වන විටත් රටේ පවුල් වලින් සියයට පනස් අටක් (58%) අයදුම්කර ඇති බව සඳහන් කළේය. ඒ අනුව රාජ්‍ය අංශයට පමණක් එතරම් පිරිසක් බලා ගැනීමේ හැකියාවක් නොමැති හෙයින් කරුන.ල්ක් වැඩසටහන හරහා රාජ්‍ය නොවන අංශයට පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මෙම අවස්ථාවට එක් වූ රාජ්‍ය නොවන සංවිධාන ද මෙම වැඩපිළිවෙළ අගය කරමින්, මෙන්ම එම වැඩපිළිවෙළ සකස් විය යුතු ආකාරය පිළිබඳව ඉතා උනන්දුවෙන් අදහස් පළ කළේය. එම අදහස්ද සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය කඩිනමින් දියවන පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඩයලොග් ආයතනය විසින් රාජ්‍ය නොවන නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන බවත් පැවසීය.