27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocal'එක්ස්ප්‍රස් පර්ල්' පරීක්ෂණයේ ප්‍රගති වාර්තාව කෝ

‘එක්ස්ප්‍රස් පර්ල්’ පරීක්ෂණයේ ප්‍රගති වාර්තාව කෝ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය ජනවාරි 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය අද (05) සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට නියෝග කළේය.

එම අවස්ථාවේදී අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින ගිනිගත් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව පැමිණිල්ල නැවත ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස සමුද්‍ය දූෂණ වැලැක්වීමේ අධිකාරියට නියෝග කළේය.