28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමුදල් විශුද්ධිකරණ නඩුවට පැටලුණු ජැකලින්ට ඇප

මුදල් විශුද්ධිකරණ නඩුවට පැටලුණු ජැකලින්ට ඇප

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට දිල්ලි අධිකරණය ඇප ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් ගැනීමේ චෝදනාවට ලක්ව සිටින මූල්‍ය ජාවාරම්කරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවට අදාළව විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණා.

විමර්ශන අවසන් කර චෝදනා පත්‍රය ගොනු කර ඇති බැවින් තමා අවශ්‍ය නොවන බව පවසමින් ෆර්නැන්ඩස් ඇප ඉල්ලා තිබිණි. ගොනු කළ පරිපූරක චෝදනා පත්‍රය අධිකරණය අගෝස්තු 31 වැනිදා පිළිගෙන ඇති අතර ඇයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබිණි.

මේ පිළිබඳව විමර්ශනය කරන ඉන්දීය මූල්‍ය බුද්ධි තොරතුරු ඒජන්සියක් විසින් දිල්ලි අධිකරණයේ ගොනු කරන ලද පරිපූරක චෝදනා පත්‍රයේ ඇයව චූදිතයෙකු ලෙස නම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.