29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 13ක ඩීසල් සොරකමක සුලමුල එළියට

ලක්ෂ 13ක ඩීසල් සොරකමක සුලමුල එළියට

කලු ගල් ව්‍යාපරික වැඩබිමක් තුළ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ඩීසල් ලීටර් 3000ක් පමණ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවුලපැලැස්ස පොලිසිය සඳහන් කළේ සොරකම් කරන ලද ඩීසල් ලීටර් 30 බැගින් අඩංගු කෑන් 03ක් සහ යතුරු පැදියක් සහ ඩීසල් විකුණා ලබා ගත් මුදල් බවට සැක කරන රුපියල් 15000ක් සමඟ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 24 වයස්වල පසුවන හෙබරව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් අද (16) දින මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.