― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅයවැයට පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීමක්

අයවැයට පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීමක්

2022 වසරේ අයවැය සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අද (11) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
 
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධාන කළ මෙම හමුවේ දී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබා ගැනීම සිදුවිය.
 
දේශීය කාබනික පොහොර කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අපනයන නිෂ්පාදනය ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශය වෙත ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීම, සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීම, ධීවර ක්ෂේත්‍රය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම, මල් සහ විසිතුරු පත්‍ර වගාකරුවන් නගා සිටුවීම,  සත්ත්ව නිෂ්පාදන අංශය වර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරු මෙහි දී යෝජනා ඉදිරිපත් කළහ.
 
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා මෙන් ම මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අයවැය සැකසීමේ දී රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ  යෝජනා අදහස් ලබා ගැනීමට කටයුතු කළ බවත් එය ඉතා සාර්ථක වූ බැවින් මෙවර අයවැය සම්පාදනයේදීත් හැකි උපරිමයෙන් විවිධ අංශ නියෝජනය වන පරිදි යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කළේ ය.
 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වී සිටියහ.