25.6 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුසියාව යැවූ මිසයිලයක් පෝලන්තයට පතිත වෙයි

රුසියාව යැවූ මිසයිලයක් පෝලන්තයට පතිත වෙයි

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෝලන්තයට එම මිසයිලය එල්ල වූ හේතුව තවමත් පැහැදිලි නැතැයි පෝලන්ත මාධ්‍ය පෙන්වා දෙයි.

මිසයිල ප්‍රහාරය සමග රුසියානු – යුක්රේන යුද්ධය නේටෝ සංවිධානයේ රටවලටද පැතිර යාමේ බියක් හට ගෙන ඇතැයි පෝලන්ත මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් රුසියාව පවසන්නේ තමන් පෝලන්තයට මිසයිල එල්ල නොකළ බවයි. පෝලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන අතර මිසයිලය එල්ල වීමත් සමග තම හමුදා සූදානමින් තබන බවත් නේටෝ සංවිධානයේ හතර වෙනි වගන්තිය ක්‍රියාත්මක කරමින් නේටෝ සංවිධානයේ රැස්වීමක් කැඳවීමට බලාපොරොත්තු වන බවත් පෝලන්ත බලධාරීහු ප්‍රකාශ කර තිබේ.