කෘෂිකර්ම ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශයේ වැඩ නිසා වෙන්ඩ අගමැති බැසිල් රාජපක්ෂ පඹයෙක් වී ඇති බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පැවසුවාය.
අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. එහිදී වැඩිදුරටටහ් අදහස් දැකවූ මන්ත්‍රීවරිය,
ආණ්ඩුවේ ඇතුළේ කචල් නිසා රටට සාගතයක් එනවා යැයි ද මන්ත්‍රීවරිය කියා සිටියා ය.
“2021 නොවැම්බර් 30 කෘෂි රසායන ලංකාවට ගෙන්වන්න මොළ හතක් තියෙන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ගැසට් ගැහුවා. අදට සති පහක් ගෙවිලා තියෙනවා.
2021 නොවැ. 30 ලංකාවට කෘෂි රසායන, පළිබෝධ නාශක ගෙන්වීමට ඒ ගැසට් එක රිවස් කරලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉඩ හදලා දුන්නා. හැබැයි අද වෙනකල් ගැසට් රිවස් කරලා දැන් සති 5යි. කිසි ම කෘෂි රසායනයක් ලංකාවට ගෙන්නලා නෑ. එක ම ණයවර ලිපියක් විවෘත කරලා නෑ.
බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කියන එක ම දෙයක්වත් කරන්නේ නැති ලංකාවේ එක ම අමාත්‍යාංශය තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය. ආණ්ඩුව කෘෂි රාසයන තහනම ඉවත් කරන්න හදනකොට ම ඊට පහුව දා, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් නීති විරෝධී ආකාරයට ධූරයෙන් ඉවත් කරලා රටට පළිබෝධ නාශක ගේන්න බැරි පරිසරයක් හැදුවා.
අනුරාධපුර – පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ වී අස්වැන්න 50%කින් අඩු වෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. නැගෙනහිර පළාතේ වගා කරලා තියෙන්නේම 1/3යි. අස්වැන්න ගිය අවුරුද්දෙන් 1/2 කියලා දැන් හැමෝම දන්නවා. මහවැලි කලාපවල ගොයම් ගහට වැඩිය වල් පැළ උසයි.
අද ගොවියෝ ඉල්ලන්නේ තමන්ගේ වගාව බේරගන්න වල් නාශක ටික. බඩඉරිඟු වගාවෙන් 80%ක් වල් නාශක නැතිව විනාශ වෙලා ඉවරයි. කුඹුරුවල අතින් වල් ගලවලා වගාව බේරගන්න බෑ. ගොවියෝ වල් නාශක ඉල්ලනකොට කෘෂිකර්ම ඇමති කියනවා, අපි කියන විදිහට පොහොර දැම්මේ නැත්නම් වගා වන්දි දෙන්නේ නෑ කියලා. ඔය දියර පොහොර ගැහුවා ම ගොයම් ගස් බල්ලෝ කනවා. කබරයෝ කනවා. බල්ලෝ – කබරයෝ ගොයම් ගස් කෑවේ කවද්ද? ගොවියෝ දියර පොහොර ගහලා කබරයින්ට ගොයම් ටික කන්න දෙනවා ද?
මේ කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවට නොවැම්බර් 21-25 දවස ගානේ කිව්වේ අද ඉඳන් කෘෂිරසායන දෙනවා. බය නැතිව වගා කරන්න කියලා. ඇමතිගේ ලණුව කාලා වගා කරපු ගොවියෝ දැන් කෘෂිරසායන නැතිව විනාශයි.
අද ගොවියෝ රු. 15,000 – 30,000 ගානේ පොහොර අරගෙන වගා කළා. දැන් ඒවා පණුවෝ කනවා. පිපියෝ ගහනවා. කුඩුස්සෝ, වේයෝ ගහනවා. ඒ එකකටවත් ප්‍රතිකර්මයක් නෑ. අමාරුවෙන් හදාගත්ත වගාව විනාශ වෙනකල් කෘමිනාශක ගෙන්වන්නේ නැතිව රටේ සාගතයක් හදන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි.
ආණ්ඩුවේ ගබඩාවල තිබුණ පොහොර ටික ගොවියාට දුන්නේ පරක්කු වෙලා. එතකොට අශූචි පොහොර කෑන් පුපුරන්න පටන් අරගෙන තිබුණේ. අද වගාව විනාශ වෙන්නේ දිලීර නාශක නැති නිසා. මාතලේ මධ්‍යම පළාතේ කිසි ම තැනක නීත්‍යනුකුලව ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරපු දිලීර නාශක දැන් නෑ.
රට සාගතයකට ගෙනියන්නේ මේ කාලකණ්ණි වැඩ නිසයි. රටට කන්න දෙන්න ඕනි නම්, හදලා තියෙන වගාව බේරාගන්න කෘෂි රසායන, පළිබෝධ නාශක ආනයනය කරන්න ඕනි. ලංකාවේ වැඩි ම එළවළු, පලතුරු වගාව සිද්ධ වෙන්නේ ජනවාරි – අප්‍රේල් මාසවල. රට ම කන්නේ ඒ එළවළු. පොහොරත් නැතිව, වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක නැතිව ජනවාරි – මාර්තු අතිරේක භෝග වගාව කරන්න බෑ.
බහුජාතික සමාගම්වලට, වතු සමාගම්වලට පොහොර තියෙනවා. හැබැයි රටේ දුප්පත් ගොවියාට පොහොර නෑ. බහුජාතික සමාගම්වලට කෘෂිරසායන ගෙන්වන්න දීලා තියෙනවා. හැබැයි ගමේ කඩේ බෙහෙත් ටික නෑ. ගොවියාට කෘෂිරසායන නැතිව වගා කරන්න බෑ. මේක ධනපතියන්ට ලාභ ලබන්න දුප්පත්තු නැති කරන ආණ්ඩුවක්. තීන්දු ගත්තාට තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක්.”