― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකංසා නීතිගත කිරීම ජාතියේ විනාශයේ ආරම්භයයි - ඕමල්පේ හිමි

කංසා නීතිගත කිරීම ජාතියේ විනාශයේ ආරම්භයයි – ඕමල්පේ හිමි

කංසා වගාව ‘ත්‍රෛලෝක පත්‍ර’ ලෙස නම් කර එය නීතිගත කිරීමට ගන්නා උත්සාහය සිංහල ජාතිය සහමුලින්ම කුඩුපට්ටම් කරන විනාශයේ ආරම්භයක් බව ඕමල්පේ සෝභිත හිමියන් පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

ඒ කාන්තාවට මේ රට ගැන කිසිම වගකීමක් නැහැ. එයා වෙන රටක ඒජන්සියක වැඩ කරන කෙනෙක්. ඒ ඊනියා ඒජන්සියෙන් තමන්ට පවරන හැම වැඩක්ම හසුරවනවා. ඔත්තුකාරියක් විදියට කටයුතු කරනවා. ජනාධිපතිවරයා එවැනි කටයුතු සඳහා ඇයට අවසර දීමෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ යටි හස්තයක් ක්‍රියාත්මක වන බවයි. ගංජා වගාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම සමස්ත ජාතියම පාවාදෙන පාපයක් ලෙස සැලකිය හැකියි.

මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න අපිට වාද විවාද, සංවාද කරන්න පුළුවන්. ගංජා ඖෂධයක් ලෙස හඳුන්වන බව ඇත්ත. නමුත් එය භාවිත කරන්නේ නීතිවිරෝධී ලෙසයි, එය භයානක ඖෂධයක් ලෙසයි වර්ගීකරණය කර තිබෙන්නේ. ගංජා ඖෂධයක් ලෙස භාවිත කිරීමට ආයුර්වේද වෛද්‍යවරුන් අවසර දුන්නා. අපි මත්ද්‍රව්‍ය තහනම් කරන්න බැහැ, නමුත් අපි ඒවා අනිසි ලෙස භාවිතා කිරීම නැවැත්විය යුතුයි.