2023 වසරේදී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා පියවර ගැනීමේ දී දැනට ශ්‍රී ලංකාවේ සිටින වන අලි ගහණය සම්බන්ධයෙන් ස්ථිර දත්තවල අවශ්‍යතාවයක් පවතින බවත් මේ හේතුවෙන් ලබන වසරේදී අලි සංගණනයක් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.