― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් ගාස්තු ඉහළට

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් ගාස්තු ඉහළට

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් සිදුකරනු ලබන කොන්සල් කාර්යයන් සඳහා අයකරන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිතය.

ඒ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වාත්, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1,500යේ සිට රුපියල් 3,000 දක්වාත් ඉහළ දමා තිබේ.