26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාල පළිබෝධනාශක සහ වල්නාශක සොයා පරීක්ෂණ

බාල පළිබෝධනාශක සහ වල්නාශක සොයා පරීක්ෂණ

ප්‍රමිතියෙන් තොර පළිබෝධනාශක සහ වල්නාශක අලෙවි කරන අලෙවිසැල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය දන්වා සිටියේ ශ්‍රී ලංකාවට කෘෂි රසායන ද්‍රව්‍ය බෙදාහරින ආයතන නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර සාකච්ඡාවක් පැවති බවයි.

කෘෂි රසායන ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් ප්‍රමිතියෙන් තොර පළිබෝධනාශක සහ වල්නාශක වැඩි මිලට අලෙවි කරමින් ගොවීන්ගේ මුදල් සොරකම් කරන බවයි.

එමෙන්ම ප්‍රමිතියෙන් තොර රසායනික නිෂ්පාදන හේතුවෙන් පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමේ අවදානමක් පවතින බවද පෙන්වා දී තිබේ.

කෘමිනාශක සහ වල්නාශක ශරීරගත වීම හේතුවෙන් මේ වනවිට ගොවීන් 54 දෙනෙක් මියගොස් ඇති බවද වාර්තා වේ.