― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රවණාබාධිත තරුණයාගේ ATM කාඩ්පතින් දෙලක්ෂ අනූ දෙදාහක් හොඳම මිතුරා හොරෙන් ඇදලා

ශ්‍රවණාබාධිත තරුණයාගේ ATM කාඩ්පතින් දෙලක්ෂ අනූ දෙදාහක් හොඳම මිතුරා හොරෙන් ඇදලා

ශ්‍රවණාබාධිත තරුණයාගේ ඒ ටි එම් කාඩ් පත සොරාගෙන ශල්‍යකර්මය සිදුකිරීම එකතු කර තිබූ මුදලින් රුපියල් දෙලක්ෂ අනූදෙදාහක මුදලක් වරින් වර සොරාගත් ඔහුගේ කුළුපග මිතුරා අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.

සොරා ගත් මුදලින් දෙලක්ෂ අසූ පන්දාහක මුදලක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත. උපකරණ පැළඳි තරුණයෙකු මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතා හමුවට පැමිණ තමන්ගේ ශ්‍රවණාබාධිත බව දුරු කර ගැනීම සඳහා තව මාස කීපයකින් සිදුකරන ශල්‍යකර්මය සඳහා වසරක් තිස්සේ එකතු කරන ලද මුදලින් කිසියම් අයකු රුපියල් දෙලක්ෂ අසූ පන්දාහක මුදලක් සොරාගෙන ඇති බවට හඬා වැටෙමින් පවසා තිබූ බව පොලිසිය කියයි.

තමන් පුද්ගලික ආයතනයක රැකියාව කරමින් එකතු කරන ලද ලක්ෂ 4කට අධික මුදලක් වරින්වර පෞද්ගලික බැංකුවක තැන්පත් කළ බවත් මුදල් අවශ්‍යතාවයක් මත බැංකුවට ගිය අවස්ථාවේදී තමන්ගේ ගිණුමේ තිබූ මුදල් අඩු වී ඇති බවට දැනගන්නට ලැබුණ බවත් එම තරුණයා තවදුරටත් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා තිබිණි.

ඊට සාවධානව සවන්දුන් ස්ථානාධිපතිවරයා එම තරුණයාව මඳක් හෝ ප්‍රමාද නොකර අදාල බැංකුව වෙත ඔහුව යොමුකර කළමනාකරුට ද දන්වා සිසි ටිවි දර්ශන පරික්ෂා කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව සිදුකළ පරීක්ෂාවේ දී ඉකුත් දාහතර වැනි දින කැලණිය හා කඩවත පෞද්ගලික බැංකුවක ඒ ටී එම් කුටියකින් තම කාඩ් පත උපයෝගී කරගෙන කුළුපග මිතුරා මුදල් ලබාගන්නා අයුරු සීසීටීවී කැමරාවේන් දැකගත හැකි වූ බව එම තරුණයා ස්ථානාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගැණිනි.

එම තරුණයා සිදුකළ දැනුම් දීමත් සමගම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මිල්ලනිය දික්හේන වත්ත ප්‍රදේශයේ නිවසකට තරුණියක් විවාහ කර ගැනීමේ බලාපොරොත්තුව පැමිණි සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් පිරිසක් යවා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකමේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
තරුණියගේ නිවසට පැමිණි දා සිටම ඒ ආසන්නයේ පදිංචි ශ්‍රවණ ආබාධිත තරුණයා සමග දැඩි හිතවත්කමක් ගොඩනඟා ගත් බවත් දින කීපයක් ගතවෙද්දි තරුණයා සමග බණ්ඩාරගම නගරයට ගිය අවස්ථාවේදී ඔහු ඒටීඑම් යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට යතුරු පුවරුවේ සඳහන් කළ රහස් අංකය මතකයේ තබා ගත් බවත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

පසු දිනක ඔහුගේ නිවෙසට නිවසට ගිය අවස්ථාවේදී මේසය මත තිබූ ඒ ටී එම් කාඩ් පත සොරා ගෙන කැලණිය සහ කඩවත ප්‍රදේශවල ඒටීඑම් කුටි දෙකකින් මුදල් ලබාගත් බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී වැඩ වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මුදල් ලබා ගැනීමෙන් අනතුරුව අධිවේගී මාර්ගය ඔස්සේ යළිත් නිවස වෙත පැමිණ ඒ ටී එම් කාඩ් පත තරුණයාගේ නිවසට ගොස් මේසය මත තැබූ බවත් පොලිසිය කියයි.
සැකකරු ඒටීඑම් කාඩ් පත සොරා ගැනීම පිළිබඳ නොදත් පැමිණිලිකාර තරුණයාගේ පාර්ශවයේ මවුපියන් එම ප්‍රදේශයේ ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් සැකකරුව බණ්ඩාරගම නගරය වෙත කැඳවාගෙන පැමිණ ඇත්තේ පැමිණිලිකාර තරුණයාගේ නිවසේ තිබෙන ත්‍රිරෝද රථයෙන් බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා බැලීම සඳහා තරුණිය හෝ ඇයගේ පාර්ශවය කිසිදු අයකු නොපැමිණි බව පොලිසිය කියයි. පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වැදිසිංහ හා උප පොලිස් පරීක්ෂක අල්විස් මහත්වරු පරීක්ෂණ පවත්වයි.