ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මෙම වසරේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කර තිබේ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක් ඇතුළු තරගාවලි 09කට මෙම වසර තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවීමට නියමිතයි.
මෙම වසරේ පළමු තරගාවලිය ලෙස සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 03කට සහභාගී වෙයි.. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන්නේ 20 යි 20 තරග 05කට ක්‍රීඩා කිරීම සඳහාය.
පෙබරවාරි සහ මාර්තු කාලසීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය සංචාරයකට එක්වන අතර ටෙස්ට් තරග 02කට සහ 20 යි 20 තරග 03 කට එහිදී සහභාගී විමට නියමිතය. ටෙස්ට් තරග 02ක් සඳහා ශ්‍රී ලංකා පිල එලඹෙන මැයි මාසයේදී බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතයි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජූනි සහ ජූලි මාසවලදී යෙදී තිබෙනවා. 20 යි 20 තරග 03ක්, එක්දින තරග 05 ක් සහ ටෙස්ට් තරග 02ක් එම තරගාවලියට ඇතුළත්ය.
එක්දින තරග 03කට සහ ටෙස්ට් තරග 02කට සහභාගී වීම සඳහා පකිස්තානු කණ්ඩායම මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත්තේ ජූලි සහ අගෝස්තු මාසවලදීයි. ආසියානු කුසලාන 20 යි 20 තරගාවලිය අගෝස්තු සහ සැප්තැම්බර් කාලසීමාවේදී මෙරටදී පැවැත්වේ.
20 යි 20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් කාලසීමාවේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර අගදී ඉන්දීය සංචාරයකද නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.