29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅතුරුදහන් වූ දරු දෙදෙනා මීරිගමින් හමුවෙයි

අතුරුදහන් වූ දරු දෙදෙනා මීරිගමින් හමුවෙයි

දින 44කට පෙර මීරිගම කොටදෙණියාව ප්‍රදේශයේදී අතුරුදන් වූ වයස අවුරුදු 10ක් හා 12ක වයස්වල පසුවන ළමුන් දෙදෙනා බවට සැක කෙරෙන ළමුන් දෙදෙනෙකු මීරිගම නගරයේදී සොයාගත් බව පොලිසිය පවසයි.

අදාළ ළමුන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් පළමුව කොටදෙණියාව පොලිසිය පරීක්ෂණ මෙහෙයවූ අතර පසුව එම පරීක්ෂණ කටයුතු අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමකට භාර කෙරුණි.

කෙසේ වෙතත් මෙලෙස මීරිගම නගරයෙන් සොයාගත් දරු දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට නියමිතය.