28.4 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ගෙන් කතානායකට විශේෂ ඉල්ලීමක්

රනිල්ගෙන් කතානායකට විශේෂ ඉල්ලීමක්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තීරණය කරන පක්ෂ නායක කමිටුව පාර්ලිමේන්තු වාර අවසානයත් සමඟ අහෝසි වී ඇති හෙයින් ඉහත කල් තැබීමේ විවාදය ජනවාරි 19, 20 හෝ 21 දින වලින් එකක දී පැවැත්වීම සුදුසු බවද රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.