― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජනතාව කරන්න ඕනේ රනිල් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකද...

ජනතාව කරන්න ඕනේ රනිල් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකද ?

ජනතාව කරන්න ඕනේ රනිල් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකද ? යන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රශ්ණ කරයි.

පුබුදු ජයගොඩ මහතා මෙලෙස ප්‍රශ්ණ කර සිටියේ අද 24 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඊයේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළා. ආපහු සැරයක් අපි දැක්කා කෑමොර දෙනවා. ඔහු උමතුවෙන් වගේ කරපු කෑ මොර දීම අපි දකින්නේ යුද්ධය ප්‍රකාශ කිරීමක් විදිහට.

 රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ කල්ලිය යුද්ධයක් ප්‍රකාශ කරලා තියෙනවා ජනතාවට විරුද්ධව. මීට පස්සෙ අරගල කරන්න දෙන්නෙ නෑ. උද්ඝෝෂණ කරනවා නම් පර්මිට් අරන් කරන්න  කියන තැනට ආවේ. මැතිවරණ තියන්නෙත් නෑ කියලා කිව්වා.

 එයා කියන වෙලාවට උද්ඝෝෂණ කරනවා නම් සටන් පාටත් එයා හදලා දෙයි. උද්ඝෝෂණ කියන්නේ බෝසත් ළමා ලපටි ය සංවිධානයේ කඨින පිංකම කියන එකක් නෙමෙයි.

 කටින පෙරහර වගේ එකක් නෙමෙයි ඒගොල්ලො කියන කියන විදිහට යන්න. රාජපක්ෂලා හරි රනිල් හරි හිතාගෙන ඉන්නවා නම් ජනතා උද්ඝෝෂණ කරන්න ඕනේ ජනතාව අරගල කරන්න ඕනේ ඒගොල්ලො කියන විදිහට කියලා ඊට වඩා උමතුවක් තවත් නැහැ.

 ජනතාව කරන්න ඕනේ රනිල් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකද නැත්නම් ජනතාව ඉස්සරහ ඉතුරුවෙලා තියෙන විකල්පය අරගලය පනගැන්වීම විතරද.

අරගලය ගැන බොරු මඩ අවලාද ප්‍රකාශ ගණනාවක් ඊයේ රනිල්ගේ ප්‍රකාශයේ තිබුණා. මැයි නම වැනිදා රෑ ගැහුවා ගැහැව්වා ගෙවල් ගිනි තිබ්බා කියලා නහයෙන් අඬනවා.

 අරගලය ආවේ රාජපක්ෂ කල්ලිය එකතුවෙලා මුළු රටක ආර්ථිකය විනාශ කළා.

 ඉතිහාසයේ වැඩිම මුදල් මුද්‍රණය කරපු අවුරුදු 2020 සහ 2021 කියලා කියන්නේ. බැසිල් රාජපක්ෂ සල්ලි නැහැ කියලා බෙහෙත් ගෙන්නන එක නැවැත්තුවා.

 ඩොලර් නැහැ කියපු මිනිහා ජනවාරි මාසේ ඩොලර් මිලියන 500 ක් ගෙව්වා තමන්ගේ බැඳුම්කර කතාවට. ඒවා ගැන අධිකරණයේ පරීක්ෂණයකුත් යනවා. ගෑස් හිඟය ආපු වෙලාවේ අර මුහුදු මංකොල්ලකාරයා ව දාලා ඒකෙනුත් හොරකම් කළා.

 කොවිඩ්  වසංගතය වෙලාවේ උපකරණ ගෙන් වද්දී  මහා පරිමාණ වංචා කළා. ඒ වංචා හෙළි වෙයි කියලා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ටික මකලා දැම්මා.

 කොහේවත් තියෙන එක්ස්ප්‍රස් පර්ල් කියලා නැවක් ගෙන්ව ගත්තා ඒක ගිනි අරගෙන ඒකෙන් වන්දි ගන්න තරම් ප්‍රමාණවත් ම ක ව වැඩ කළේ නෑ

 පරිසරයයි මිනිසුන්ගේ ජීවිත විනාශ කළා

 ජනතාව හන්දියට ඇවිල්ලා බෝඩ් එකක් උස්සගෙන හිටිය මාධ්‍යයට ඇවිල්ල අදහස කිව්වා. උද්ඝෝෂණ කළා අරගල කළා. කන්නලව් කළා ඇවිටිලි කළා ලියුම් ලිව්වා. කුඹුරට ගිහිල්ලා පඹයන් ව පිච්චුවා.

 ගාලු මුවදොර පිටියට ආවා. ළමයි ලපටි එක්ක පදිංචිවෙලා හරි අහිංසක විදිහට කිවුවා මේ අපරාධය කරන්න එපා කියලා. එහෙම කරපු මිනිස්සුන්ට මැයි නම වෙනිදා උදේ ගැහුවා. රනිල් බබෙක් නෙමෙයිනේ.

 ගැහුවට පස්සේ මොකක්ද කරන්නේ ගැහුවට පස්සෙ ආයෙ උද්ඝෝෂණය  කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

හැත්තෑහතේ මැතිවරණය දිනපු වෙලාවේ සති දෙකක් පොලිසියට නිවාඩු දීලා විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනි තිබ්බේ කවුද.

 ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා රනිල් වික්‍රමසිංහ කරපු අපරාධ  දැන් ඇවිල්ලා හරි අහිංසකයා වගේ ගෙවල් ගේ තිබ්බා කියලා කියනවා.

 පුස්තකාලය ගිනිගත් තණු එයානේ ගිහිල්ලා යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ. 83 කළු ජූලිය සිරිල් මැතිව් ලත් එක්ක එකතු වෙලා බොරැල්ලෙ කරපු ප්‍රචණ්ඩ ක්‍රියා වලට රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නැද්ද එයාගෙ පක්ෂය සම්බන්ධ නැද්ද.

 ජුලි නමය ජනාධිපති මැදුරට වෙච්ච දේවල් කියනවා. මොනා ද අනෙ වෙලා තියෙන්නෙ 

 ශීතකරණයේ තිබ්බ අයිස්ක්‍රීම් කාලා ලු චොක්ලට් කාලා ලු

 සෝෆා එකේ වාඩිවෙලා ඒක කිලුටු වෙලාලු

 පඩිපෙලේ ලොකු පිරිසක් නැගපු නිසා පඩිපෙළ අබලන් වෙලා ලු. ඔය වගේ බයිලා කියනවා.

මහ බැංකුව කඩල ඒක ගැන රනිල් වික්‍රමසිංහ මොකද කියන්නේ. සුනාමිය ඇවිල්ලා ලංකාවේ ජනතාව දාස් ගනන් මැරිල අවතැන් වෙලා හිටපු ඛේදවාචකයක් ඇතුලේ එකේ සල්ලි හොරකම් කරපු හොරා නේ. එ හො රත් එක්ක අත්වැල් බැඳගෙන මහ බැංකු හොරා අත්බැ ඳගන්න මිනිස්සුන්ට කියන්නේ දේපල විනාශ වෙලා කියලා.

 රනිල් වික්‍රමසිංහ නෙමෙයිද මහා පරිමාණ මහජන දේපල විනාශ කළේ. 1980 වෙද්දි පකිස්තානයටත් යූරියා අපනයනය කරපු රජයේ පොහොර සමාගම විනාශ කරලා දැම්මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නෙමෙයිද.

 ඒ වගේ ඇමතිධුර දැරුවේ රනිල් වික්‍රමසිංහ නෙමෙයිද. ඒ මහජන දේපළ විනාශ කරද්දී අත ඉස්සුවෙ නැද්ද.

කුමාර් ගුනරත්නම් නිශ්චිතවම ලංකාවේ පුරවැසියෙක්.. ඔහුට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයක් නැහැ. රනිල් වික්‍රමසිංහ ඒක දන්නවා. මහින්ද රාජපක්ෂ මරන්න හදපු නිසයි එයාගෙ අනන්‍යතාවය සඟවා ගෙන හිටියේ.

 ඒ නිසා නේ ඔහුව පක්ෂය තීරණය කර ගෙන රටින් පිට කරන්නේ. රනිල් එයාව අවුරුද්දකට හිරේ දැම්මා. ඔහුට පුරවැසිභාවය දෙන්න කියලා අපේ පක්ෂයේ සාමාජිකයෝ විතරක් නෙමෙයි විවිධ පිරිස් අවුරුද්දක් තිස්සේ කොටුව දුම්රිය පොල ඉස්සරහ වාඩි වෙලා හිටියා.

 පැත්තක ඉඳගෙන මේසෙට ගගහා හිටපු දිනේෂ් ගුණවර්ධන ඒ දවස්වල කතා කරා ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඉන්නෙ ඒ නිසා ඔහුට ලංකාවේ පුරවැසිභාවය දෙන්න කියලා.

 ඒක රනිල් දන්නවා ඔහු නිශ්චිතවම ලංකාවේ පුරවැසියෙක් දැනගෙන පාර්ලිමේන්තුවට බොරු කිව්වා.

අද උදේ රනිල්  ශ්‍රේෂ්ඨාධිකරණයට  තර්ජනය කරා. මූලික අයිතිවාසිකම් නඩු දානවා කිව්වා පොලිස් නිලධාරීන්ට විරුද්ධව මේගොල්ලන්ට මෙහෙම යන්න මම ඉඩ තියන්නේ නෑ කිව්වා.

 රනිල්ගේ මාමා නඩු කාරයන්ගෙ ගෙවල් වලට හූ කිව්වා. රනිල් ලෑස්ති වෙන්නේ මේ ඒකට.

 අපි මේ මාධ්‍ය හමුව ගන්න මොහොතකට පෙර රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කළා. නීතිපතිට කියනවා කිව්වා පොලිස් නිලධාරීන් සම්බන්ධව ගිය මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධ ඒවා නැති කිරීමට මැදිහත් වෙන්න කියලා. එයා කොහොමද එහෙම කියන්නේ. නීතිපති මෙයාගෙ ඔඩොක්කු කුක්කෙක් ද

 මානව හිමිකම් කොමිසමට තර්ජනය කළා දැන් පොඩ්ඩකට කලින් රනිල් කිව්වා මානව හිමිකම් කොමිසම එහෙ මෙහෙ ඇඟිලි ගහන්න යන්න එපා කියලා. ඒ අතර කියනවා මමයි ස්වාධීන කොමිසම් හැදුවේ කියලා.

 මාධ්‍ය නාලිකා වලට තර්ජනය කරා තමන්ගේ ගෙදර ගිනි තිබ්බේ සිරස කියලා කිව්වා

 මේ විදිහට අන්තිම පාදඩ විදිහට මාධ්‍ය වලට තර්ජනය කරනකොට රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා ජනතාව පාරට බැහැලා කනෙන් ඇදලා එලියට දාන්නේ නැතිව ඔය හාදයා ව වෙන මොකක්ද කරන්නේ.

දුමින්ද නාගමුව ගේ නම කිව්වා. එයා රනිල් ජෝකර් කෙනෙක් කියලා කිව්වට එයාගෙ හිත රිදිලා ගොඩක් කිව්වා පාර්ලිමේන්තුවේ. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ නම කියලා තර්ජනය කළා.

 මෙයා ජනාධිපති ද නැත්තං පාතාල මැරයෙක්ද මෙයා. විදර්ශන කන්නන්ගර සහෝදරයාගේ නම කිව්වා පාර්ලිමේන්තුවේ කියලා තර්ජනය කළා..

 මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ට අද බැන වැදුනා.

එයා පස් සැරයක් අගමැති වුණා කියන්නේ අගමැති වෙන වෙන සැරේ එළවලා දැම්මා නේ කනෙන් ඇදලා එළවලා දැම්මෙ.

 එක සැරයක් වත් තියෙනවද කියන්නකො පූර්ණ ධුර කාලය අගමැති වෙලා හිටපු.

 ඔය හාදයා ට අපිට කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ

රනිල් තර්ජනය කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඒක නිසා කවුරු හරි නිහඬව ඉන්න හිතාගෙන ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත නෑ මේ තර්ජනය කළේ මිලියන 22 ක ජනතාවට.

 අසම්පූර්ණ අරගලය කියන්නේ පරාජිතයි තමයි අරගලයේ ඊළඟ පියවරවල් තියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ කලිසමේ චූ ගිහින් කෑ ගැහුවේ ඊයෙයි අදයි පාර්ලිමේන්තුවේ. හෙට අනිද්දට එයාට වෙන්න නියමිත මොකක්ද කියලා එයා දන්නවා.

 දේශපාලන පොත් වල ලියලා තියෙනවා සියලු බලයේ උල්පත ජනතාවයි කියලා.