― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportඑක්දින සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලැබී නැහැ

එක්දින සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලැබී නැහැ

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව ජාතික ක්‍රිකට් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (24) ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව මෙලෙස ජාතික ක්‍රිකට් සංචිතයක් ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්තානය සමඟ අද (25) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් මෙම සංචිතය නම් කරනු ලැබුවා.

මෙලෙස නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා තිබුණ ද ඊයේ (24) පස්වරුව වන විටත් ඒ සඳහා අනුමැතිය හිමිව තිබුණේ නැහැ.

ඒ අනුව සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබියදීයි මෙම සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ඊයේ මෙලෙස ප්‍රසිද්ධියට පත් කළේ.

තරග සංචාරයක් සඳහා විදේශ කණ්ඩායමක් රටට පැමිණ සිටින අවස්ථාවක අමාත්‍යවරයාගේ අනුමැතිය සංචිතයට නොලැබුණු බව පවසමින් හරවා ඔවුන් යැවීමට සිදුවුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට හානියක් බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියා.