― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් නව ලෝක වාර්තාවක්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් නව ලෝක වාර්තාවක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලි පහකදී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ලෙස සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තාවක් තැබීමට සමත් වී තිබේ.

ඒ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාල කණ්ඩායම සහ ගානා රාජ්‍යය අතර පැවති තරගයේදීය.

2006, 2010, 2014, 2018 සහ 2022 යන වසර පහේදීම පෘතුගාල කණ්ඩායක නියෝජනය කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඒ සෑම තරගාවලියක දීම ගෝල වාර්තා කිරීමට සමත් වී තිබේ.

ඊයේ ඝානාව සමග පැවති තරගයේ හැටපස් වැනි විනාඩියේදී ඔහු වාර්තා කළ දඬුවම් පහරත් සමගින් ඔහු මෙම අතිවිශිෂ්ට වාර්තාව පිහිටුවන්නට සමත් වීම විශේෂත්වයකි.