27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඩෙංගු වැළඳී ළමුන් 50ක් රෝහලේ

ඩෙංගු වැළඳී ළමුන් 50ක් රෝහලේ

රට තුළ නව ඩෙංගු ප්‍රභේදයක් පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

‘ඩෙංගු 3’ ලෙස හැඳින්වෙන මෙම නව ප්‍රභේදය මගින් රෝග ලක්ෂණ ඉතා ඉක්මනින්ම මතුවී අමාරු වන බවත් විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම නව ප්‍රභේදය තදින්ම පැතිරෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රටේ මේ දක්වා පැතිර ගියේ ඩෙංගු 2 ප්‍රභේදය වන අතර යමකුට දින තුනක් එක දිගට උණ පවතී නම් වහාම පරීක්ෂණවලට යොමුවන ලෙස ඔහු ජනතාවට දැනුම්දෙයි.

ඩෙංගු වැළඳුණු දරුවෝ පනස් දෙනෙක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබති.