35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඩෙංගු වැළඳී ළමුන් 50ක් රෝහලේ

ඩෙංගු වැළඳී ළමුන් 50ක් රෝහලේ

රට තුළ නව ඩෙංගු ප්‍රභේදයක් පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

‘ඩෙංගු 3’ ලෙස හැඳින්වෙන මෙම නව ප්‍රභේදය මගින් රෝග ලක්ෂණ ඉතා ඉක්මනින්ම මතුවී අමාරු වන බවත් විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම නව ප්‍රභේදය තදින්ම පැතිරෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රටේ මේ දක්වා පැතිර ගියේ ඩෙංගු 2 ප්‍රභේදය වන අතර යමකුට දින තුනක් එක දිගට උණ පවතී නම් වහාම පරීක්ෂණවලට යොමුවන ලෙස ඔහු ජනතාවට දැනුම්දෙයි.

ඩෙංගු වැළඳුණු දරුවෝ පනස් දෙනෙක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබති.