30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිශේෂඥ වෛද්‍යවරුන් 176ක් ආණ්ඩුවට එරෙහිව උසාවි යයි

විශේෂඥ වෛද්‍යවරුන් 176ක් ආණ්ඩුවට එරෙහිව උසාවි යයි

තමන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කර ලෙසට ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනු කළ රීට් පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විණිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණු අතර වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමැති, අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසක් නම් කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 17 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගත් මෙම තීරණය අත්තනෝමතික හා අසාධාරණ බවටද මෙම පෙත්සමේ සඳහන් වේ.

පෙත්සම්කරුවන් විශේෂඥ වෛද්‍යවරුන් බැවින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 63 ක් බවත් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඔවුන් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

අදාල තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලති.