― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨා – මහින්දගේ 2021 විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 44ක් වැයවෙලා

ගෝඨා – මහින්දගේ 2021 විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 44ක් වැයවෙලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ 2021 වසරේ පමණක් විදේශ සංචාර 5ක් සඳහා රුපියල් මිලියන 44කට අධික මුදලක් (44,739,184.91) වියදම් කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2021 වසරේ විදේශ සංචාර 2ක් සඳහා රුපියල් මිලියන 36ක් (36,970,864.14) වියදම් කර ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සංචාර 3ක් සඳහා රුපියල් මිලියන 7ක් (7,768,320.77) පමණ වියදම් කර ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාර සඳහා වූ වියදම මුළු වියදමෙන් සියයට 83ක්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 දී ඇමරිකාව, එක්සත් රාජධානිය සහ එක්සත් අරාබි රාජධානියේ සංචාරයක නිරත විය.

ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයේ සහ ඉතාලියේ සංචාරය කර තිබුණා.