මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් ඇතිවූ ආසාධන තත්වයක් මත යාපනයේ 15 හැවිරිදි පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය ශික්ෂණ රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
යාපනය කොපි පොලිස් වසමට අයත් මෙම පිරිමි ළමයා උණ රෝගී තත්වයක් උත්සන්න වීම මත රෝහල්ගත කොට තිබේ. එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී මෙම ළමයාට යම් ආසාදන තත්වයක් වෛද්‍යවරුන් හදුනාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිමි ළමයා එන්නතක් මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගෙන ඇති බවයි.
රෝහල් ආරංචිමාර්ගවලට අනුව යාපනය දිස්ත්‍රික්කයේ ගත වූ කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පුද්ගලයින් 13 ක් මියගොස් තිබේ.