― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldහිටපු චීන ජනාධිපති ජියෑන් සෙමින් අභාවප්‍රාප්ත වෙයි

හිටපු චීන ජනාධිපති ජියෑන් සෙමින් අභාවප්‍රාප්ත වෙයි

හිටපු චීන ජනාධිපතිවරයෙකු වන ජියෑන් සෙමින් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා අද (30) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියයන විට ඔහු 96 හැවිරිදි වියේ පසු විය.

ලියුකේමියාව ඇතුළු තවත් රෝගාබාධ රැසකට ගොඳුරු වී දිවි ගෙවූ මොහු චීනයේ ෂැන්හයි නුවර පිහිටි ඔහුගේ නිවසේදී මිය ගොස් ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

ජියෑන් සෙමින්ගේ මරණය සඳහන් කරමින් චීන නිල ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය චීන ජනතාවට ලිපියක් යොමු කළ අතර එම ලිපියේ “ජියැන්ග් සෙමින් සහෝදරයාගේ මරණය අපේ පක්ෂයට සහ අපගේ හමුදාවට සහ අපගේ සියලුම ජනවර්ගවලට අයත් ජනතාවට ගණනය කළ නොහැකි පාඩුවක්” යනුවෙන් සටහන් කර තිබේ.