― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldලොව ජීවත් වීමට සුදුසුම නගර ලැයිස්තුවේ පළමු තැන ස්පාඤ්ඤයට

ලොව ජීවත් වීමට සුදුසුම නගර ලැයිස්තුවේ පළමු තැන ස්පාඤ්ඤයට

ලොව ජීවත් වීමට සුදුසුම නගරය බවට ස්පාඤ්ඤයේ වෙලෙන්සියා නගරය පත් වී තිබේ.

ලොව පුරා මිලියන 4.5ක සාමාජිකයින් සිටින සමීක්ෂණ ආයතනයක් වන ඉන්ටර්නේෂන් ආයතනය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ.

කරුණු 06ක් මුල් කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර නගරය තුළ සතුටින් ජීවත්වීමේ හැකියාව, සතුටුදායක ජීවන වියදම, සතුටින් රැකියා කිරීමට ඇති හැකියාව, රැකියාව සහ ජීවිතය සමබර කරගැනීමේ හැකියාව සහ සෞඛ්‍ය ආරක්ෂාව ඇතුළු කරුණු එහිදී සලකා බලා තිබේ.

එහිදී සියයට 85ක් සතුටින් ජීවත්වීමට හැකි නගරය ලෙස නම් කර ඇත්තේ ස්පාඤ්ඤයේ වෙලෙන්සියා නගරයයි. සතුටුදායක ජීවන වියදමක් ඇති නගරය ලෙස සියයට 83ක් නම් කර ඇත්තේද වෙලෙන්සියා නගරයයි.

එම සමීක්ෂණ ආයතනය විසින් ලොව ජීවත් වීමට සුදුසු රටවල් 10ක නගර ප්‍රකාශයට පත් කර ඇති අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඩුබායි නගරයටයි.

මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරය, පෘතුගාලයේ ලිස්බන්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, තායිලන්තයේ බැංකොක්, ස්විට්සර්ලන්තයේ බාසල් යන නගරද ඊට අයත්.

එම ලැයිස්තුවේ අටවන ස්ථානය මෙල්බර්න් නගරයටත්, නවවන ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයටත්, දසවන ස්ථානය සිංගප්පූරුවටත් හිමිව තිබෙනවා.