27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරමින් මොරොක්කෝවට සුපිරි ජයක්

ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරමින් මොරොක්කෝවට සුපිරි ජයක්

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කරන්නට මොරොක්කෝ කණ්ඩායමට ඊයේ (06) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයේ තරගයෙන් පරාජයට පත්කරමින්, ලෝක කුසලානයක මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් වූ පළමු අවස්ථාව බවට පත්කර ගනිමින්.

මෙම තරගය ආරම්භයේ සිට තියුණු මුහුණුවරක් ගත් අතර නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකටම කිසිඳු ගෝලයක් ලබාගන්න හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව තරගයේ අතිරේක කාලය ලබාදීමට තීරණය කෙරුණු අතර එහිදීද ගෝල රැස් කිරීමට කණ්ඩායමේ දෙකෙන් එකකටවත් අවස්ථාව නොලැබුණා.

එබැවින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම දඬුවම් පහරවලට භාර වුණු අතර එම දඬුවම් පහර තුනට බිංදුවක් ලෙස සාර්ථක කරගත් මොරොක්කෝ කණ්ඩායම 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.