― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකලහකාරී ලෙස හැසිරෙන්නන්ට 'අනතුරු ඇඟවීමකින් තොරව' වෙඩි තබන්නැයි නියෝග

කලහකාරී ලෙස හැසිරෙන්නන්ට ‘අනතුරු ඇඟවීමකින් තොරව’ වෙඩි තබන්නැයි නියෝග

කලහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින්ට ‘අනතුරු ඇඟවීමකින් තොරව’ වෙඩිතබන ලෙස කසක්ස්තාන ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.

රටපුරා උද්ඝෝෂණ ආරම්භ වූයේ ඉන්ධන සඳහා ලබාදුන් සහනයක් ඉවත් කිරීමට එරට රජය තීරණය කිරීමත් සමගය. අනතුරුව එරට අගමැතිවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වුණි.

රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ පාලනය සඳහා ඔහු එම නියෝගය නිකුත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසීය.

ජනාධිපති කසීම්-ජොමාර්ට් ටෝකයෙව් පැවසුවේ ‘කලහකාරීන්’ 20,000ක් පමණ එරට ප්‍රධාන නගරය අල්මාටි නගරයට ප්‍රහාරයක් එල්ල කළ බවයි.

ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා කලහකාරී ලෙස හැසිරුණු 26 දෙනෙක් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.