― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSportLPL දෙවන තරගයේදී වනිඳුගෙන් කඩුළු ත්‍රිත්වයක්

LPL දෙවන තරගයේදී වනිඳුගෙන් කඩුළු ත්‍රිත්වයක්

ඊයේ (06) ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගවලියේ පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට තිසර පෙරේරා නායකත්වය දරණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සහ වනිඳු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම්වලට හැකියාව ලැබුණා.

තරගාවලිය ආරම්භ කරමින් පළමුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරග බිමට පිවිසියා.

මේ තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කරන්නට ජැෆ්නා කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගාවලියේ දෙවන තරගය ලෙස ඊයේ (06) රාත්‍රියේ තරග බිමට පිවිසියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු යුගළය ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්රේ ෆ්ලෙචර් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බඳතාවක් ගොඩනැඟුවා.

මෙහිදී ඇන්ඩ්රේ ෆ්ලෙචර් මෙවර තරගවලියේ පළමු ශතකය රැස්කරමින් පන්දු 67ක් තුළ නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

පැතුම් නිස්සංක පන්දු 41ක් තුළ වේගවත් ලකුණු 71ක් රැස්කරමින් සිය පිත්තෙන් කණ්ඩායමට දායකත්වය සැපයුවා. මේ අතර පිළිතුරු ඉනිම ආරම්භ කළ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට එතරම් සාර්ථක වීමට කැන්ඩි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බෝ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 03ක් තුළ ලකුණු 90කට සියල්ලන් දැවී ගියා. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග මෙවර තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය බිඳ දැමීමට සමත් වූ අතර ඔහු පන්දුවාර 03ක් යවා ලකුණු 14කට කඩුලු 04ක් බිඳ දැමුවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන් පන්දු තුනක් යවා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 109ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගත් කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.