― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපාකිස්ථානයට ණය ගැනීමේ අවස්ථා සීමා වෙයි

පාකිස්ථානයට ණය ගැනීමේ අවස්ථා සීමා වෙයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන එහි ඉදිරි දැක්ම යටතේ ණය ශ්‍රේණිගත කිරීම අතින් සෘණාත්මක සහ අතිශය පහළ තත්ත්වයකට පහත හෙළීමෙන් පසුව පාකිස්තානයේ ණය ගැනීමේ විකල්පයන් සීමා වී තිබෙනවා.

The review නම් සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමින් ආර්ථික විශේෂඥයින් මේ බව පෙන්වා දී තිබෙනවා.

එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ෂාබාස් රානා පැවසුවේ මෙම තත්ත්වය නිසා පාවෙන යුරෝ බැඳුම්කර සඳහා දොරටු වැසී යාමට අමතරව රටේ ණය ගැනීමේ පිරිවැය තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.

ෂරියා නීතිය යටතේ එන සුකුක් හෙවත් ඉස්ලාමීය බැඳුම්කර සඳහා දෙසැම්බර් 05 වන දින ඩොලර් බිලියන 01ක් ආපසු ගෙවීමට පෙර විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 08ට වඩා පහත වැටී ඇති බවත් එම තත්ත්වය යටතේ IMF වැඩසටහකකට යොමු වීම, ඉතා තීරණාත්මක වී ඇති බවත් රානා පෙන්වා දෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් මූල්‍ය වර්ෂය සඳහා පාකිස්ථානු රජය විසින් බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ඩොලර් බිලියන 7.7ක ණය ගලා ඒමක් ඇස්තමේන්තු කර ඇති බවයි.

ගෙවුණු මාස හතරක් තුළ ඩොලර් බිලියන 2.3ක් එනම් 30%ක ණය ප්‍රමාණයක් පාකිස්තානයට ලබා දී ඇති බවත් දැනට පාකිස්තානය ගෙවන ප්‍රමාණයට වඩා 40% ත් 50% ත් අතර වැඩි පොලියක් විදේශ වාණිජ බැංකු ඉල්ලා සිටින බවත් ඔහු අනාවරණ කළා.

ලෝක බැංකුවේ ඩොලර් බිලියන 1.1 කට ආසන්න අයවැය ආධාරක ණය ශේෂය තවමත් අවිනිශ්චිත අතර පකිස්ථානය ඩොලර් මිලියන 450 ණයක් සඳහා කොන්දේසි සපුරා ඇති බව පවසන නමුත් ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහා දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.