23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනළ ළිඳක් තුළ සිර වී ඉන්දියාවේ 08 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

නළ ළිඳක් තුළ සිර වී ඉන්දියාවේ 08 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙතුල් දිස්ත්‍රික්කයේ ඊයේ (06) පස්වරුවේ අඩි 55ක් පමණ ගැඹුරු නළ ළිඳකට වැටී අට හැවිරිදි පිරිමි දරුවෙකු එහි සිරව ඇති බව වාර්තා වනවා.

මෙම දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

‘තන්මයි සාහු’ නම් මෙම ළමයා පිට්ටනියක සෙල්ලම් කරමින් සිටියදී නළ ළිඳට වැටී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නළ ළිඳ තුල සිර වී සිටින දරුවා මේ එනවිට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන බවට අනාවරණය වී ඇති අතර ඔහු සිහිසුන්ව ඇති බවටයි මුදාගැනීමේ කණ්ඩායමේ සඳහන් කර සිටියේ.

මේ අතර මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් නිලධාරීන්ට පවසා ඇත්තේ දරුවා මුදාගැනීමේ මෙහෙයුම පිළිබදව හැකි සෑම අවස්ථාවකදීම තමන් දැනුවත් කරන ලෙසයි.