සියලුම ලංවිම පාරිභෝගිකයින්ට ලබන මාසයේ සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වියදම් සහ පිරිවැය අඩු කිරීම සම්බන්ධයෙන් ලංවිම නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාව අතරතුරදීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පරකාශ කළේ වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම, දැනට සිටින කාර්ය මණ්ඩලයෙන් සිදු කළ යුතු බාහිර සේවා සහ ලංවිමට කළ නොහැකි වැඩ ප්‍රාදේශීය සභා සහාය ඇතිව සිදු කිරීමටයි.