― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද (08) පස්වරු 5.00ට එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදය දින 13ක කාලයක් පැවැත්වීමෙන් පසුවයි අද (08) දිනයේදී ඡන්ද විමසීම සිදුකරනු ලබන්නේ.

මේ අතර අයවැය තෙවන වර ඡන්ද විමසීමේදීත් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළ අතර ජාතික නිදහස් සභාව ලෙස තම මන්ත්‍රීවරුන්ද අද දිනයේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළා.

2023 මුදල් වර්ෂයට අදාළ අයවැය පසුගිය නොවැම්බර් 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.