විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් අද (08) දීප ව්‍යාප්තව විරෝධතා දිනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන පවසයි.
ඒ අනුව ජනතාව පීඩාවට පත් කරන අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රටේ විවිධ ස්ථානවල සිට ආයතනවල සේවකයින් මෙම විරෝධයට සහය දක්වන අතර තවත් ආයතන කෑම පැය තුළ තම සේවා ස්ථානය ඉදිරිපිට හා තෝරාගත් ස්ථානවලත් ඒ තමන්ගේ විරෝධතාව දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.