― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews14 හැවිරිදි දැරියකට අතවර කළ බැංකු කළමනාකරු අත්අඩංගුවට

14 හැවිරිදි දැරියකට අතවර කළ බැංකු කළමනාකරු අත්අඩංගුවට

අඳුරු වීදුරු සහිත ජීප් රථයෙන් කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක් කොළඹ ප්‍රසිද්ධ රථගාල් වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බිරිඳ මියගිය වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනෙකුගේ පියෙක් බව පොලිසිය කියයි.

කොළඹට ආසන්න ප්‍රදේශයක දැරිය පදිංචිව සිටින අතර ඇය පමණක් නිවසේ සිටින අවස්ථාවේදී මීට මාස කීපයකට ඉහතදී නිවසේ දුරකතනයකට දුරකථන ඇමතුමක් ලැබී විසන්ධි වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මද වේලාවකදී නැවතත් ඇමතුම පැමිණ ඇති අතර දැරිය ඊට පිළිතුරු ලබාදෙමින් කවුදැයි විමසීමේදී “ඇයි දුකින් වගේ කතා කරන්නේ” යැයි පුද්ගලයකු පවසා ඇති අතර දෙදෙනා අතර සුහදත්වයක් ඇති වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී සැකකරු දැරියට පවසා ඇත්තේ තමන්ගේ වයස අවුරුදු තිස් නවයක් බවත්ය. බිරිඳ මිය ගොස් ඇති බවත් දියණියන් දෙදෙනෙකු සිටින බවත් පවසා ඇත. අනතුරුව එම පුද්ගලයා දැරියට ඔහුගේ ජංගම දුරකථන අංකය ලබා දී ඇති අතර දැරිය නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවේදී නිවසේ දුරකථනයෙන්ද සමහර අවස්ථාවල දී පියාගේ දුරකථනය සොරාගෙන එමගින්ද එම පුද්ගලයා සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කර තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය කියයි.

පසුව එදින සිට වරින්වර දැරිය පාසලට යාම සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවලදී අතරමගදී එම පුද්ගලයා දැරියව ඔහුගේ අඳුරු වීදුරු සහිත ජිප් රථයේ නංවාගෙන ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් දැරිය අපහරණය කර ඇති බවත් සැකකරු දැරිය ලවා විවිධ ලිංගික ක්‍රියාවන් සිදුකර ගෙන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සමහර අවස්ථාවලදී දැරිය සිය පාසල් බෑගයේ පාට ඇඳුම් දමාගෙන ගොස් ජීප් රථය තුළදීම ඇඳුම් මාරු කරගෙන ඔහු සමඟ එහි ගත කර පාසල ඇරෙන අවස්ථාව වන විට නැවතත් නිල ඇඳුම ඇඳගෙන සුපුරුදු ලෙස නිවසට ගොස් ඇති බවද සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවලදී දෙදෙනාට අනුභව කිරීම සඳහා ක්ෂණික ආහාර, වතුර බෝතල් මෙන්ම ටිෂූ කඩදාසි සුපිරි වෙළඳසල්වලින් මිලදීගෙන ඇතැයිද දැරිය ලබාදුන් ප්‍රකාශයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මෙම සම්බන්ධය පන්තියේ එක් මිතුරියක් පමණක් දන්නා බවත් ඇය සැකකරුට දුරකථන ඇමතුමක් ලබාදී වයස අවුරුදු 18 වෙනකම් මෙම සම්බන්ධතාවය නතර කර දමන ලෙසත් පවසා ඇතැයි ද දැරිය ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වේ.

දැරියගේ හැසිරීම් රටාවේ වෙනසක් දුටු දෙමව්පියන් නිවසේ ස්ථාවර දුරකථනයේ වාර්තාවක් ලබාගෙන පරික්ෂා කිරීමේදී නාඳුනන දුරකථන අංකයක් දැක ඒ බව පොලිසියට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

තවද ඇතැම් ස්ථාන වල සීසීටීවී දර්ශන ඔස්සේද පොලිසිය පරීක්ෂණ පැවැත්විය. දැරිය එම කාලය තුළ සැකකරු සමඟ ගත කිරීමේ හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු මඟ හැරී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගේ තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔහු පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.