27.2 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන වසරේදී සෑම පුද්ගලයක්ම ලක්ෂ 15ක ණයකරුවෙක් වෙයි

ලබන වසරේදී සෑම පුද්ගලයක්ම ලක්ෂ 15ක ණයකරුවෙක් වෙයි

රටේ ආර්ථික තත්ත්වය අනුව ලබන වසර වනවිට පුද්ගලයකු රුපියල් පහළොස් ලක්ෂයක ණයකරුවකු බවට පත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ රුපියල ලෝකයේ අවදානමට ලක්වුණු මුදල් ඒකක අතර හත්වැනි තැනට පැමිණ ඇති බවයි.