24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය නගරයේ ආයෝජනයට සමාගම් 06ක්

වරාය නගරයේ ආයෝජනයට සමාගම් 06ක්

කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට මේ වනවිටත් සමාගම් 06ක් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

වරාය නගරයේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. සාමාන්‍ය රෙගුලාසි කෙටුම්පත් කරලා ගැසට් කරන්න යවලා තියෙන්නේ. මූල්‍ය රෙගුලාසි සකස් කරමින් තිබෙනවා. එය පාර්ලිමේන්තුවට ගෙනල්ලා ගැසට් කරනවා. වරාය නගරයේ ආයෝජනය කරන්න මේ වන විටත් සමාගම් හයක් සූදානමින් සිටිනවා. මෙහි අපජල පද්ධතිය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 200ක මුදල ජනපතිතුමා මේ වන විටත් අපිට ලබාදී තිබෙනවා. වරාය නගරය තුළ තාවකාලික ව්‍යාපාර කිරීමට අවස්ථාව දෙනවා. ප්‍ර්‍රධාන ව්‍යාපර ආපුවාහ අපි මේ ව්‍යාපාර ඉවත් කරනවා. ජනතාවට මේවා භාවිත කරන්න පුළුවන්.