― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරෝහල්වල තත්ත්වය දරුණු අතට - ඖෂධ ඇත්තේ දින කීපයකට විතරයි

රෝහල්වල තත්ත්වය දරුණු අතට – ඖෂධ ඇත්තේ දින කීපයකට විතරයි

ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු අනෙකුත් ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වුවද මේ වනවිට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

රෝහල්වල පවතින තත්ත්වය යටතේ ඒවාට ‘පැලැස්තර විසඳුම්’ යෙදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා නොහැකි බැවින් සිය සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට ප්‍රධාන රෝහල් තුළ, නිර්වින්දන, ප්‍රතිජීවක, බෝවන බෝනොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ, පිළිකා, ලිංගාශ්‍රිත රෝග සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 160ක පමණ හිඟයක් පවතිනවා. මේ ඖෂධ සියල්ල මධ්‍යම ඖෂධ ගබඩාවේ නැහැ. අපට අද ඖෂධ වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුම් නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් සංකීර්ණ ප්‍රශ්න පවතින රෝහල් නියාමනයන් කළ යුතු වුවත්, ඒවා ක්‍රියාත්මක නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ විදේශයන්ගෙන් ඖෂධ ආධාර ලැබුණත්, අපේ සෞඛ්‍ය පද්ධතියට දිගු කාලීන විසඳුම් සෙවිය නොහැකියි.