ජනාධිපති රනිල් වික්‍රමසිංහට නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගිවීමේ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම අකර තැබ්බියට මුහුණ දී ඇත්තේ.
මේ අතර නීති පීඨයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හූ කියා ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නොවන බව එහි සිසුන් පවසයි.
“ජනාධිපතිවරයා ලෝ ෆැකල්ටි එකට ඇවිත් පිටවෙලා යන්න එනකොට හූ කිව්ව එක ඇත්ත. හැබැයි එහෙම හූ කිව්වේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නෙමෙයි. ඒ හූ කිව්වේ ලෝයර්ස්ලා. ෆැකල්ටි එකෙන් අලුතින් පිටවුණු ලෝයර්ස්ලා.“


