තක්කඩි ආණ්ඩු ඉස්සරහ දණ ගහන්නේ නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උසාවියෙන් පිට වී බන්ධනාගර බස් රථයෙන් පිටව යන අවස්ථාවේදී අදහස් දක්වමිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
“රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන එකට කියන්නෙ ත්‍රස්තවාදය කියලා නම්, අපි ලෑස්තියි තව අවුරුදු ගාණක් හිරේ ඉන්නෙ. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ දණ ගහන්නේ නෑ“


