28.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෛනිකව ගෑස් සිලින්ඩර 90,000ක් වෙළෙඳපොළට

දෛනිකව ගෑස් සිලින්ඩර 90,000ක් වෙළෙඳපොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් අද (12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කළ බව එහි සභාපති මුදිත පීරිස් පැවසීය.

ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් අටසියක තොගයක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රීයේ දිවයිනට ළඟා විය.

හෙට (13) තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත අතර උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව ගෑස් ලබා දීමට සූදානම් බව ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් ඇණවුම් කර ඇති ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34000කි.