26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජැකලින්ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

ජැකලින්ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

ඉන්දීය රංගන ශිල්පිනියක් වන නෝරා ෆටේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆටේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති අතර සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ නඩුවේදී ජැකලින් විසින් එම අපහාස කිරීම සිදුකර ඇති බව නෝරා සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.