26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති අද හදිසියේම පක්ෂ විපක්ෂ නායකයින් කැඳවයි

ජනපති අද හදිසියේම පක්ෂ විපක්ෂ නායකයින් කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) පස්වරුවේ සියලුම පක්ෂ නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නේ. මැතිවරණ නීති සංශෝධනය ‌කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සහ එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නියමිතය.

ඒ අනුව අද සවස පැවැත්වෙන රැස්වීමේදී මැතිවරණය කල් දැමීමට පක්ෂව අදහස් දක්වන පිරිස සහ ඊට එරෙහිව අදහස් දක්වන පිරිස පැහැදිලිවම දැකබලා ගත හැකි වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.