29.5 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශිකයෙක් සමඟ විවාහ වීමේදී රෙජිස්ටාර් ජනරාල්ගේ අනුමැතිය අනිවාර්ය කෙරේ

විදේශිකයෙක් සමඟ විවාහ වීමේදී රෙජිස්ටාර් ජනරාල්ගේ අනුමැතිය අනිවාර්ය කෙරේ

ශ්‍රී ලාංකික පුරවැසියන් විදේශිකයන් විවාහ වීමේදී රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අනුමැතිය අනිවාර්ය කර තිබේ.

එමෙන්ම විවාහ සම්බන්ධ වයස් සීමාව ඉහළ දැමීම කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති අතර රෙජිස්ටර් ජෙනරාල් ප්‍රභාත් අබේවර්ධන පවසන්නේ විවාහ රෙජිස්ට්‍රාර් පනත සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානම් වන බවයි.

ශ්‍රී ලාංකික කාන්තාවන් විවාහ කරගෙන විදේශ රටවල වෙනත් නීති විරෝධී ක්‍රියා සඳහා යොදවා ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි රෙජිස්ට්‍රාර් ජෙනරල්වරයා සඳහන් කරන්නේ.

මේ වසරේදී පමණක් ශ්‍රී ලාංකිකයන් 1800ක් පමණ විදේශිකයින් විවාහ කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.