― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහමුදාවේ 15,000ක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි

හමුදාවේ 15,000ක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 15,000කට අධික පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසීය.

ඒ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ සේවයෙන් ඉවත්වීමට ඉල්ලුම් කර ඇති යුද හමුදා සාමාජිකයින් ගණන 15,476ක්.

ඉන් හමුදා සාමාජිකයින් 15,165ක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ඇති අතර තවත් නිලධාරීන් 194 දෙනෙකුගේ නිශ්කාශන වාර්තා ලබාගැනීමෙන් පසුව සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.

දෙසැම්බර් 31වන දින දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මක වන අතර තවදුරටත් නීත්‍යානුකුලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට එම අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රවී හේරත් අවධාරණය කළේය.