― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldහෙන්රි කැවිල් සුපර්මෑන් චරිතයට සමුදෙයි

හෙන්රි කැවිල් සුපර්මෑන් චරිතයට සමුදෙයි

බ්‍රිතාන්‍ය නළු හෙන්රි කැවිල් තමන් මින් ඉදිරියට සුපර්මෑන් චරිතය රඟපාන්නේ නැති බව ප‍්‍රකාශ කර තිබේ.

ඔහු මෙම නිවේදනය ඔහුගේ Instagram හි පළ කර ඇත.

ඔක්තෝබර් මාසයේදී හෙන්රි කැවිල් Man of Steelහි ප්‍රධාන චරිතය නිරූපණය කරන බව ප්‍රකාශ කළ නමුත් දැන් මෙම නිවේදනය රසිකයන් කම්පනයට පත් කර තිබේ.

ඩ්වේන් ජොන්සන් රඟපෑ ඩීසී චිත්‍රපටය ‘බ්ලැක් ඇඩම්’ අවසානයේ හෙන්රි කැවිල් සුපර්මෑන් ලෙස ආරාධිත පෙනුමක් ලබා ගත්තේය.

මට අධ්‍යක්ෂක ජේම්ස් ගන් සහ බ්‍රිතාන්‍ය චිත්‍රපට නිෂ්පාදක පීටර් සෆ්රාන් මුණගැසුණා. ඔක්තෝම්බර් මාසයේදී ඔවුන් DC Studiosහි සම සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස නම් කළා. මම දැන් සුපර්මෑන් රඟපාන්නේ නැහැ. මම ඔක්තෝම්බර් මාසයේදී රඟපානවා කියලා චිත්‍රාගාරය නිවේදනය කළා. කොහොම වුනත් කාලය වෙනස් වෙනකොට සමහර දේවල් වෙනස් වෙනවා. මේ නිව්ස් එක ලේසි නෑ. ඒත් ඒක තමයි ජීවිතේ. මම ඒකට ගරු කරනවා.

මම චරිතය රඟපෑවේ නැතත් සුපර්මෑන් ඉන්නවා. සුපර්මෑන් රඟපෑමේ මගේ වාරය අවසන්. මේ කාලය තුළ සුපර්මෑන් චරිතය හරහා මට සහය දුන් සියලුම දෙනාට බොහොම ස්තුතියි.